2024 October 23
චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.
චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එසේම චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය ද මෙහිදී සිහිපත් කෙරුණු අතර එම සමීප සබැඳියාව ඔස්සේ දෙරට අතර සමාජ, සංස්කෘතික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ නව ක්‍රමවේදයන් පිළිබඳව ද විමසා බැලිණි.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
