https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d
asianewsplusone.com
sfmnewslk.com
කෙහෙළිය රඹුක්වැල්ලආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් කරයි
October 17, 2024
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා ඊයේ අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටුව මඟින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර ආණ්ඩුකාරවරයා අනුමැතිය දී ඇත්තේ එම යෝජනාවටයි.
පසුගිය වකවානුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළුව විවිධ වෘත්තීය සමිති හා මවුපිය සංවිධානය යෝජනා ඉදිරිපත් කර තිබුණා.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් නැනෝදා අධ්‍යාපන සංවර්ධන වැඩසටහන සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ 2012 වසරේදී මෙම පාසල කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය යන නමින් හැඳින්වීමට පියවර ගනු ලැබූ අතර නව තීරණයත් සමඟ මින් ඉදිරියට මෙම පාසල කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය ලෙසින් හඳුන්වනු ඇත.
