චීන ජාතිකයින් 460 කට ආසන්න පිරිසක් මෙරට රැඳී සිටියදී ඉකුත් දින කිහිපයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මොවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව මූලික විමර්ශන වලදි අනාවරණ වී තිබෙනවා.

නමුත් මොවුන් මෙරට රැඳි සිටිමින් රැකියා කිරීම් ගැන ආගමන විගමන නියාමන පනත යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.

පොලිසිය පැවසුවේ, මේ චීන ජාතිකයින් පිරිස මහනුවර, පල්ලෙකැලේ, නත්තරන්පොත, අතුල් කොට්ටේ සහ රාජගිරිය යන ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *