SFM NEWS

ආචාර්ය බදිඋද්දීන් මහමුද් කියන්නේ සහිරාවෙ නිර්මාණකරු,අසහාය මාර්ගෝපදේශකයා වගේම ජාතිකත්වය වෙනුවෙන් හඬ නඟපු නිවහල් චින්තකයෙක් කීවොත් වඩා නිවැරදී.සහිරා ජාලය ඇතුළු පාසල් විශාල ප්‍රමාණයක් නිර්මාණය කරපු අධ්‍යාපන ඇමතිවරයෙක් වූ එතුමාගෙ පක්ෂ දේශපාලනයෙන් ඔබ්බෙහි තිබුණු ස්වදේශීය ජාතිකාභිමානය, අන් කවරදාටත් වඩා අද දවසට කාලෝචිතයි කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. තවද සහිරාව, විදුහලේ මුස්ලිම් ජාතික ශ්‍රීලාංකිකයන්ට සිංහල අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන, කියන අරමුණ පෙරදැරිව ආරම්භ වුණු වග දැන් ගොඩක් සහිරාවන්ටත් අමතක වෙලා බව දැකීම, කණගාටුවට කරුණක්.බදුර්දින් මහමුද් තුමන් තදින් විශ්වාස කරපු, දේයක් නම් ඉදිරිපත් කරපු මතවාදය 1938 ගාලු මුවදොර එතුමා කරපු කථාවක සාරාංශයක් විදියට මෙහෙම ඉදිරිපත් වෙලා තිබුණා. “අද හෝ හෙට දවසේ, සිලෝන් රටේ ස්වතන්ත්‍ර පාලනයක් යටතේ, රාජ්‍ය භාෂාව විය යුත්තේ සිංහල භාෂාවමයි.රටේ බහුතර ජනතාවක් භාවිතා කරන සහ ඓතිහාසික වටිනාකමක් සහිත ඒ භාෂාවට ඒ තැන ලැබිය යුතුයි.මගේ සහෝදර මුස්ලිම් ජනතාවට දෙමළ භාෂාවට හුරු වීම තුළින් ප්‍රතිලාභයක් ලැබී නැහැ.මුස්ලිම් ජනතාව උනන්දු වියයුතුයි සිංහල භාෂාව ඉගෙන ගන්න.ඒකෙන් ජාතීන් අතර යම් දිනෙක ඇතිවිය හැකි බොහොමයක් අර්බුද ඇති නොවී, ජාතීන් අතර සමගිය සහ අවබෝධය ඇති කරගෙන ඉදිරියට යන්න පුලුවන්” මේක එතුමා කියද්දි අපිට නිදහස ලැබිලා වත් නැහැ සහිරා විදුහලේ නිර්මාතෘවරයා මේ අභිලාෂය පෙරදැරිව සහිරාව ඇතුළු පාසැල් ජාලය ගොඩනගන්න වින්ද දුක දැන් බොහෝ මුස්ලිම් වරුන්ට අමතකයි සියළුම ජාතින් නියෝජනය කරමින් සහිරාවට ඔබ එන්න ඕන කියන එක ද සියළුම ජාතින් භාවිතා කරන්න පුළුවන් හැම භාෂාවම ඉගෙන ගන්න. එන් කියා පනිවිඩය එතුමා එදා දුන්නේය … ආචාර්ය්‍ය එම්.එම්.සෆාන්. sFM News .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *