2024 ඔක්‍තෝබර් 10
asianewsplusone.com sfmnewslk.com
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ඊශ්‍රායලයේ රැකියා සඳහා මීට පෙර කුසලතා පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් අසමත් වූ අයට යළි මාස 6කට පසු එම විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමිවන බවට පැතිර යන ප්‍රකාශ සාවද්‍ය ප්‍රචාරයක් බවයි.
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාර්ගගත (Online) ක්‍රමයට ලියාපදිංචි කිරීම් මේ දිනවල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරනු ලබයි.
ඒ සඳහා ලියාපදිංචි කරගනු ලබන්නේ මීට පෙර ඊශ්‍රායල් ඉදිකිරීම් රැකියා සඳහා වෘත්තීය පරික්ෂණයට ඉදිරිපත් නොවූ අපේක්ෂකයින් පමණි.
ඒ අනුව, මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහතික හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට දිනයක් හා ලේඛන භාර දිය යුතු කාර්යාංශ මධ්‍යස්ථානයේ නම සඳහන් කරමින් අදාළ රැකියා අපේක්ෂිතයාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ඇත.
නමුත්, මීට පෙර කුසලතා පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් අසමත් වූ අයට මෙම විභාගය සඳහා යළි පෙනී සිටීමට අවස්ථාව හිමි නොවේ.
එම පුද්ගලයින්ට යළි විභාගයට අයදුම් කළ හැක්කේ ඊශ්‍රායල් රජයෙන් සිදුකරන දැනුම්දීමක් අනුව පමණක් වේ.
එවැනි දැනුම්දීමක් ඊශ්‍රායලය විසින් මෙතෙක් සිදුකර නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එම රැකියා සඳහා ඊශ්‍රායල් රජය විසින් රටවල් 15කින් ශ්‍රමිකයින් බඳවා ගැනීම සිදු කරයි.
එම රටවල් 15 සඳහාම මෙම තීරණය වලංගු වන බව ඊශ්‍රායල් රජය විසින් දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ එබැවින් සාවද්‍ය ප්‍රකාශවලට නොරැවටෙන මෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW
https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d
asianewsplusone.com
sfmnewslk.com
