මේ මාස 12 වනිදා සිට 19 දිනය දක්වා සතිය ඇතුලත මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ආසන වල බලමණ්ඩල රැස්වීම් පැවැත්වීමටත් ඒ සදහා මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත්වන සියලුම අපේක්ෂකයන් සහභාගි වීමට ද නියමිතව ඇත.
තවද මැතිවරණ මාසය තුළ සැම අගහරුවාදකන උදේ 8ට සියලුම අපේක්ෂකයන්ගෙන් සහභාගිත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ ප්‍රගති සමාලෝචන වැඩසටහනක් ද, සැලසුම් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් නියෝජනය වන පරිදි පොදු පෝස්ටර් එකක් ප්‍රචාරය කිරිමට ද, තිරණය කර ඇත.
ඕනෑම ආසනයකට ඕනෑම අපේක්ෂකයකුට යා හැකි අතර එම ආසන වල සංවිධායකයන් විවේචනය කිරීමට ද කළ නොහැකිය .
මෙවර මහනුවර සමගි ජන බලවේගයේ මහමැතිවරණයට නායකත්වය ලබා දෙන්නේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වන අතර මෙතුමා ප්‍රබල දේශපාලන අත්දැකීම් ඇති හා හිටපු එජාපයේ මහාලේකම් වශයෙන්ද,හිටපු ජේෂ්ඨ ඇමතිවරයෙක් වශයෙන්ද, වර්තමානයෙ සමගි ජනබලවෙගයේ ජාතික සංවිධායක වශයෙන්ද,එපමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ඉතා කිට්ටු දේශපාලන මිතුරෙක් වශයෙන්ද ,කටයුතු කරන චරිතයකි.
asianewsplusone.com
sfmnewslk.com
https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW
