asianewsplusone.com sfmnewslk.com
ජන්ද ප්‍රමාණය කෙසේ වෙතත් මේ මොහොත වන විට වත්මන් ජනාධිපතිවරයාට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් සෙසු කොටස් සීසීකඩ විසිවී ඇති බවත් මේ අමාරු අවස්ථාවේ වුවත් සියලු දෙනා එකට එකතු විය යුතු බවත් කවුරු අසුබවාදී අදහස් ඉදිරිපත් කළත් සුබවාදීව බැලිය යුතු බවත් පැවසීය.
ජනාධිපතිවරණය පරාජයට පත් වුවත් පසුබැමට ලක් වුවත් ඒ හරහා පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යා යුතු බවත් තමා ඉන්දීය විදේශ ඇමතිවරයා මුණ ගැසුනු අවස්ථාවේ ජනාධිපතිවරණයේ දී ජය පරාජයවුවත් සියලු දෙනාගේ අරමුණ රට දිනවිම නිසා අප රටට උදව් කරන ලෙස ඉල්ලා සිටි බවත් මේ මොහොතේ ණය ගෙවාගත නොහැකි බවත් අපේ රටේ ලක්ෂ 220 ජනතාව දුක්විදින නිසා ජනතාව නැවත නගා සිටුවා රට ගොඩගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම තරුණයන්ට දරුවන්ට කාන්තාවන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසි ආදි සියලු දෙනා රකින තැනට යා යුතු බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනිම හා ආරක්ෂා කර ගැනීම බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කඩුවෙල දී සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
