https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW
මේ වන විට මෙවර අ.පො.ස. (සා.පෙ.) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර අවසන් වී තිබුණ ද ගුරුවරුන් සහ අනෙකුත් අධ්‍යයන කාර්ය මණ්ඩල,
සහායක සේවාවන්ට හිමි විය යුතු ගෙවීම් මෙතෙක් ගෙවා නොමැති බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.
රෝහිණී කවිරත්න එලෙස සඳහන් කරන්නේ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන නිවේදනයක් මගිනි.
හිටපු මන්ත්‍රිවරිය එම නිවේදනයේ දක්වා ඇත්තේ හැකි ඉක්මනින් ගුරුවරුන් සහ අනෙකුත් අධ්‍යයන කාර්ය මණ්ඩල, සහායක සේවාවන්ට හිමි විය යුතු ගෙවීම් සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයටත්, විභාග දෙපාර්තමේන්තුවටත් බල කරන බව යි.
මතු දැක්වෙන්නේ එම සම්පූර්ණ නිවේදනය යි.
අ.පො.ස. (ස.පෙ.) විභාගයේ රාජකාරි කටයුතු සිදු කළ ගුරුවරුන් සහ අධ්‍යාපන කාර්ය මණ්ලයට ගෙවිය යුතු උත්තර පත්‍ර බැලීමේ දීමනාව මේ දක්වාම ගෙවා නොමැත. මේ වන විට දරුවන්ගේ විභාග ප්‍රතිඑල ද නිකුත් කර අවසන් ය. විභාගයට පෙනී සිටි දරුවන් ගෙන් කොටසක් මේ වන විට උසස් පෙළ පන්ති, පුද්ගලික විශ්වවිද්‍යාල සහ විදේශ අධ්‍යාපනයට ද යොමුවී ද අවසන් වුව ද විභාගය සාර්ථක කර ගන්නට වෙහෙසුණු, උත්තර පත්‍ර බැලීම සඳහා කාලය, ශ්‍රමය වැය කළ ගුරුවරුන්ට ගෙවන සොච්චම් දීමනාව පවා ගෙවීමට විභාග දෙපාර්තමේන්තුව අසමත් වී ඇත.
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විභාගයන්හි උත්තර පත්‍ර පරීක්ෂාව අවසන් වූ වහාම සමාන්‍යයෙන් ගුරුවරුන්ට, විභාග පරීක්ෂකවරුන්ට ගෙවිය යුතු දීමනාව ගෙවනු ලැබේ. පසුගිය විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව පිළිබඳවත්, ගුරුවරුන්ට සිදු කරනු ලැබූ දීමනාව පිළිබඳවත් තෘප්තියක් රාජ්‍ය සේවයේ නැත. එසේ තිබියදී, ලැබිය යුතු මුදල් තවමත් නොගෙවීම බලවත් අකටයුත්තකි.
දරුවන්ට අගතියක් සිදු නොවීම සඳහා, නිසි පරිදි උත්තර පත්‍ර පරීක්ෂාවට එක් වූ, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියළු අධ්‍යාපන වෘත්තිකයින් ට වහා ගෙවීම් සිදු කළ යුතුය.
රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් හිටපු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීණී
asianewsplusone.com sfmnewslk.com
