අජිත් රෝහණ සම්බන්ධයෙනුත් තීරණයක්

දැනට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අජිත් රෝහණ මහතා හට ස්ථාන මාරුවක් ලබා දීමට අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අජිත් රෝහණ මහතා බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර මුදල් විශුද්ධිකරණ ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන පී අම්පාවිල මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමටද නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *