IMF නියෝජිතයින් සහ රජය අතර විශේෂ සාකච්ඡා අද


October 2, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වේ. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට කෙසේ කරගෙන යන්නේ ද යන්න එහිදී සාකච්ඡා කරන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

asianewsplusone.com sfmnewslk.com

ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවකට මහ බැංකුවේ අධිපතිවරයත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයත් ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුත් සම්බන්ධ වන සාකච්ඡාවක් මේ මාසේ අග නිව්යොක්වල පැවැත්වෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

කැබිනට් මණ්ඩලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කතා කළේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් යම් සමාලෝචනයක් කරන්න ඕන කියන අදහසේ ඉන්නවා. නමුත් අද පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ එක්ක එවැනි ගැඹුරු සාකච්ඡාවක යෙදෙන්නේ නැහැ. නව ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ ජනාධිපතිවරයත් එක්ක මූල්‍ය අරමුදලේ කටයුතු කොහොමද ඉදිරයට ගෙන යන්නේ, ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණයි සිද්ධ වෙන්නේ. එහි ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවකට මහ බැංකුවේ අධිපතිවරයත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයත් ජනාධිපතිවරයගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුත් සම්බන්ධ වන සාකච්ඡාවක් මේ මාසේ අග නිව්යොක්වල පැවැත්වෙනවා. එහිදී තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ හරයාත්මක, ව්‍යුහාත්මක දේවල් පිළිබඳ සාකච්ඡා වෙන්නේ. මේ පැවැත්වෙන සාකච්ඡාව ඇත්තටම මේ කටයුත්ත ඉදිරියට ගෙනයෑම පිළිබඳ සංකල්පීය කතාබහක් විතරයි. ව්‍යුහාත්මක දේවල් සාකච්ඡා වෙන්නේ නැහැ.

පසුගිය රජය අයි.එස්.බී. ණයකරුවන් සමඟ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟතාවකට ගියා කිව්වා. හැබැයි එහෙම ගිහිල්ලා නැහැ. අවසන් අදියරට ඇවිල්ලා තිබුණා. නමුත් අවසන් එකඟතාවකට ඇවිත් තිබුණේ නැහැ. අවසන් එකඟතාවකට ඒම පිළිබඳවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ පැවැත්වෙන සාකච්ඡාවලදි තමයි අවසන් තීරණයක් ගන්නේ.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *