ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දීමනාවක් ගැන තීරණයක්

2024 ඔක්‍තෝබර් 01,

asianewsplusone.com sfmnewslk.com

ප්‍රභූ ආරක්‍ෂක රාජකාරින් සඳහා යොමු කර ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළබවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2024 සැප්තැම්බර් මස 22 වන දිනයෙන් පසු ප්‍රභූ ආරක්‍ෂක රාජකාරියන්හි නොයෙදෙන බැවින්, ඔවුන්ට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව 2024 සැප්තැම්බර් මස 22 දින දක්වා පමණක් හිමි ගන්වන ලෙස බව එම නිවේදනයෙහි සඳහන්.

තවද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම නතරකොට නොමැති බව ද ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *