2024 සැප්‍තැම්‍බර් 29,
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉවත් කර ඇත.
ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිඛිතව දැනුම් දී තිබේ.
ඉවත් කරන ලද නිමල් සිරිපාල ද සිල්වා වෙනුවට අමාත්‍ය විජිත හේරත් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සභාවේ නියෝජිතයා ලෙස පත්කර තිබේ.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද ඊළඟ පාර්ලිමේන්තුව රැස්වන තෙක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුය.
පවත්නා තත්ත්වය අනුව මේ වනවිට ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කරයි.
