ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත ගැසීමට යන්නේ ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභා වල කොටසටයි!

ශ්‍රීලංකාව දකුණු අප්‍රිකාවටත් වඩා ඉහල දියුණුවක් ලබන බවට විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙනවා!මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ජාතික එකමුතු සංවිධානයේ හා SFM NEWS ආයතනයේ සභාපති ආචාර්ය එම්. එම් .ෂෆාන්

දිමුතු දළුවත්ත

ඉන්දු ලංකා ගිවිසුම මගින් සිදු කල බලය බෙදාහැරීමේ ක්‍රියාවලිය මේ වන විට ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසකි .ඒ අනුව මෙරට පළාත් නවයකට වෙන් කොට එම පළාත් වලට ඔවුන්ගේ පාලනය ගෙනයා හැකි ශක්තිමත් පාලන ඒකකයන් නවයක් ඇති කරන ලද අතර ඒවා පළාත් සභා වශයෙන් හැදින්වේ .එම පළාත් සභා වලට හිමි බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම වෙන් කර ඇති අතර ඉන් ප්‍රධානතම යාන්ත්‍රණ දෙකක් වන්නේ පොලිස් බලතල හා ඉඩම් බලතලයි.බලය බෙදීම යන කරණය මතු වූ ද සිටම මේ රටේ එක්තරා පිරිසකට මෙම බලතල දෙක නයාට අදූ කොළ සේ විය.බලය බෙදා හරිම තුලින් ශ්‍රීලංකාවේ බොහොමයක් ප්‍රශ්න විසදාගැනීමට තුබූ අවස්ථාවන් අහිමි වන්නේ පළාත් සභා වල ඇතුලත් මෙම මුලික මිනිස් අයිතිවාසිකම් දෙක උතුරු හා නැගෙනහිර පළාත් වලට ලබා දීමට යාමේදී මතු වන ගැටලුකාරී තත්වය බව කිව යුතුය . ඉන්දු ලංකා ගිවිසුම බලාත්මක වී වසර හතළිහකට ආසන්න කාලයක් ගෙවී ගියද රටේ පළාත් සභා වල නියම ආකාරයේ බලය බෙදා හැරිමක සිදු වුවාදැයි යන ගැටලුව මේ වන විට සමාජයේ ප්‍රබල ලෙස කතා බහට ලක් වී ඇත.උතරට වෙනම රජයක් ඉල්ලා දශක ගනනාවක් පුර උතුරේ සන්නද්ධ කල්ලි විසින් ගෙන ගිය යුධ සන්නද්ධ අරගලය හා ඒ හා බැදුණු වාර්ගික ගැටුම් නිසා රටට අවශ්‍ය නියම බලය බෙදා හැරීමේ යාන්ත්‍රණය තවමත් හරි හැටි ක්‍රියාත්මක වී නොමැති බව පොදු පිළිගැනීමයි . වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා සතු බලතල උතුරට ලබාදීමේ උත්සාහයක නිරත වන්නේ එවනි පසුබිමකය.

ජනාධිපතිවරයාගේ එම උත්සාහය පිළිබදව මේ වන විට යලිත් සමාජයේ උණුසුම කතා බහක් මතු වී තිබෙන අතර මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතින් අතර සමගිය සංහිදියාව වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටු කරනු ලබන ජාතික එකමුතු සංවිධානයේ හා SFM NEWS ආයතනයේ සභාපති ආචාර්ය එම් එම් .ෂෆාන් මහතා මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වීය.

ආගම් හා ජාතින් අතර සංහිඳියා සම්බන්ධතාවය ගැන ලොව වෙනත් රටවලට වඩා අප හොඳින් දන්නවා. ජාතිවාදයේ මෙන්ම ආගම්වාදයේ අත්දැකීම් අපට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අප බිහිසුණු යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වීමෙන් පසු සහජිවනය පිළිබඳ අපේ අවධානය යොමුව තිබෙනවා.

සහජීවනය ගොඩනැගීමේ දී සියලු ආගමික හා දේශපාලන නායකයන්ට ප්‍රධාන වගකීමක් පැවරී තිබෙනවා. අපගේ සිතුවිලි පිළිබඳ එහිදී අවධානය යොමු කළ යුතුයි. දේශපාලනඥයන්ගේ සිතිවිල්ල නම් බලය ලබා ගැනීමයි. ආගමික නායකයන්ගේ සිතිවිල්ල නම් එම ස්ථානවල රැඳී සිටීමයි. මේ සියල්ලේ කෙටි මාර්ගය තමයි ජාතිවාදය සහ ආගම්වාදය. දශක සිටම අපේ රට තුළ මෙය සිදුවුණා. එහි අවසාන ප්‍රතිඵලය වූයේ කුමක්ද කියා මා අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ.සමස්ථ සමාජයම පිළිගන්නා එම සත්‍ය පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබුණා.ඔහුගේ එම ප්‍රකාශය සමයට සහජීවනයට ලැදි සමස්ත ශ්‍රීලාංකිකයන්ගේත් ජාත්‍යන්තරවත් ප්‍රසාදයට ලක් වන බව කිව යුතුයි.

මානව හිකම් ක්‍රියාකාරීන් ලෙස අප මේ තත්වය පිලිබදව සමාජය දැනුම්වත් කරමින් සිටිනවා . ලොව බොහෝ රටවල් දියුණු වුණේ ජාතිවාදයෙන් අගම්වාදයෙන් බැහැර වූ නිසා බව කිව යුතුයි .සිංගප්පූරුවේ ජාතිවාදය සහ ආගම්වාදය තිබුණේ නැහැ. භාෂා කිහිපයක් පැවතියත් සිංගප්පූරුව අද වේගවත් සංවර්ධනයක් ලබාගෙන තිබෙනවා.අවාසනාවකට අපේ රටේ පෙර පාසල් අධ්‍යාපනයේ සිටම ජනතාව ආගම වාර්ගික කොටස් වලට බෙදලා.ආගම භාෂාව ජාතිය මත පදනම වූ අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තිබීම අපේ දියුණුවට රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් වී තිබෙන බවට මේ වන විට සමාජයේ ප්‍රබල කතා බහක් ඇති වී තිබෙනවා. සියලු දෙන ඒ පිලිබදවත් සිහි නුවණින් සිතා බැලිය යුතුයි.

අපි රටක් ලෙස පෙරට ය යුත්තේ කෙසේද යන්න පිලිබදව කරුණු දැක්වූ ෂෆාන් මහතා මෙසේද පැවසිය.

නිතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තුලින් හොදින් දියුණු වූ රටක් ලෙස ඕස්ට්‍රේලියාව හදුන්වන්න පුළුවන්.මම පසුගියදා මානව හිමිකම් සැසියකට සහභාගී වීමට එම රටට ගියා.එහි තිබෙන නීතියේ ශක්තිමත් භාවය පිලිබදව මන අවබෝධයක් අපට ලැබුණා.එහි නිතිය සැමට සමානයි. අපි ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ප්‍රහාර වලට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කළා. එරට පොලිසියෙන් කිසිම බාධාවක් වුණේ නැහැ.ඔවුන් සියලු දෙනාට යම් දෙයකට විරුද්ධ වීමේ අයිතිය නිවැරදිව හසුරවන්න පවා අයිතිය ලබා දීල තිබෙනවා.පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් විය යුතුයි කියන අපේ මතය අපි ඕස්ට්‍රේලියාවේදී මතු කළා .
රටේ ප්‍රශ්න රැසක් තිබෙනවා විසදිය යුතු. නමුත් ඒ අතුරින් පළාත් සභා සක්‍රිය කර රටේ ඉදිරි දියුණුව සැලසෙන බලය බෙදීමේ ක්‍රියාවලිය පණගැන්විය යුතු බව අපත් කියනවා . මක් නිසාද ජනතාවට හරිහැටි බලය බෙදී ගිය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවක් තුල රට පහසුවෙන් දියුණු කල හැකි බව අද ලෝකයම පිළිගන්න දෙයක්. මගේ අදහස ඇත්තටම අපි මේ කටයුතු සදහා ප්‍රමාද වැඩියි .දකුණු අප්‍රිකාව දීර්ඝ කාලයක් වර්ගවාදයෙන් බැට කෑ ජනතාවක් සිටි රටක්. ඔවුන් සාකච්චාවෙන් සම්මුතියෙන් ජාත්‍යන්තර සහාය ඇතිව වර්ගවාදයෙන් යුධ ගැටුම් වලින් නිදහස් වුණා. දැන් ඔවුන් ලෝකයේ විෂ ලෙස දියුණුවක් ලබන රාජ්‍යයක් . ඇයි ,අපට එතනට එන්න බැරි වුණේ .රට නොබෙදා බලය බෙදීම සදහා අද රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය වගේම උත්සයක් එදා චන්ද්‍රික බණඩාරනායක මහත්මිය විසින් ගනු ලැබුවා. මංගල සමරවීර වැනි දුර දක්නා නුවනින් ජාතිවාදයෙන් තොරව කටයුතු අප ඇතුළු කල බොහෝ පිරිසක් ඊට සෘජු සහයක් ලබා දුන්නා. නමුත් රටේ ජනතාවගේ කුමන හෝ අභාග්‍යයකට අපට එම කටයුතු සාර්ථක කර ගැනීමට නොහැකි වුණා.

බලය බෙදීම ගැන බොරු බියක් රටේ ජනතාව තුල ඇති කරමින් කටයුතු කරමින් ඒ හරහා තම දේශපාලන මඩිය තර කරගන්න පිරිසක් රටේ සිටිනවා.

සියලු දෙනා විශාල උත්සාහයක් ගනිමින් පුළුල් සමාජ සංවාදයක් ගොඩනගමින් සිදු කරන්නට ගොස් අතර මග නැවතුණු බලය බෙදීමේ යාන්ත්‍රනයේ ක්‍රියාත්මක නොවන කොටස නොහොත් ම මුලින් කියූ නයාගේ අදුකොළ කොටස පණ ගැන්වීමේ අසීරු කොටසට අත ගැසීමටයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ උත්සහ ගනු ලබමින් සිටින්නේ.ඔහු ගන්නා එඩිතර දේශපාලන තීන්දු හා සියලු දෙනා එකගකරවා ගැනීමේ දක්ෂතාවය මත ,ලෝකයේම අවධානය දිනාගෙන තිබෙන මෙම ගැටලුව විසදීම හෝ නොවිසදීම තීරණය වනු ඇති බවයි ෂෆාන් මහතා පවසන්නේ .
sfmnewslk.com

One thought on “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත ගැසීමට යන්නේ ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභා වල කොටසටයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *