පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක්


September 26, 2024

බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ , මේ වන විට බිත්තරයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම හේතුවෙන්.

මේ වන විට වෙළඳපොළෙහි බිත්තරයක් රුපියල් 28ත් 32ත් අතර මිලකට අළෙවි වනවා.

එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදන අළෙවි කරන මිල පැහැදිළිව ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනවා.

එම අධිකාරිය සඳහන් කළේ මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බවත් ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවත්ය.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *