ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින් ලබාගත් ඡන්ද මෙන්න

asianewsplusone.com sfmnewslk.com

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක්.

එය ප්‍රතිශතයක් ලෙස 42.31%ක්.

දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 32.76%ක් වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%ක්.

පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළා.

ඒ අනුව නොබෝ වේලාවකින් දෙවැනි මනාප ගණනය කිරීමෙන් අනතුරුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවැ.

ඒ අනුව මෙවර ලංකා ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම සිදු කෙරුණා.

මේ අතර එක් එක් අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහතින්,

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *