asianewsplusone.com sfmnewslk.com
2024 ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ) පනත අනුව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වනවා.
එම වරදට මහාධිකරණය විසින් වරදකරුවෙකු කළ අයෙකුට බරපතල වැඩ සහිතව මාස 12කට වැඩි කාලයකට සිරගත කිරීම හෝ රුපියල් ලක්ෂ 2ක දඩයකට හෝ එකී දඬුවම් දෙකටම යටත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් (නීති) චින්තක කුලරත්න පවසන්නේ.
මෙකී චෝදනාවට වරදකරුවෙකු වන කෙනෙක්ට අවුරුදු 7ක කාලයක් ඡන්ද හිමි නාම ලේඛනයට ලියාපදිංචි වීම සහ මැතිවරණයකදී ඡන්දය දීමට නුසුදුස්සෙකු වන බව සඳහන්.
මීට පෙර එම දඩ මුදල රුෂියල් 500ක් වශයෙන් පැවතී තිබෙනවා.
ඒ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනත අනුවයි.
එම පනතට 2023 දී ගෙනා ස්ංශෝධනයක් මත මෙලෙස දඩ මුදල් ඉහළ දමා තිබෙනවා.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
