ඡන්ද කාඩ් නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 84% ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බවයි.

ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් එය ලබා ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.

ලබන 18 දා සිට 21 වනදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගැනීමට හැකියාව පවතිනවා.
asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *