asianewsplusone.com sfmnewslk.com
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.
ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම්.
පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය ගළවා ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.
ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 දාට පෙර පැය 48ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇති බව සඳහන්.
