ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතලොස්සක් හැර අනිත් පිරිස රටට ඇත්ත හංගන්නේ ඇයි!අපේ රට නිදහසන් පසු අද වන විටත් අපේ රටේ දියුනුවක් තිබේද?

asianewsplusone.com sfmnewslk.com

2024 ජනාධිපතිවරණ සටන ශ්‍රීලංකාව ලෝකයේ තිබෙන බව හිතන පිරිස හා ශ්‍රී ලංකාව තුල ලෝකයම තිබෙන බව හිතන පිරිස අතර සටනක්ද?

ඕනෑම රටක දියුණුව යනුවෙන් සලකනු ලබන්නේ ඒ රටේ ජනතාවගේ ආර්ථික දියුණුවය.දියුණුව මනින ලෝක නිර්නයකයන් අතර පෙරමුණේ තිබෙන්නේ ආර්ථික දියුණුව ලෙස සැලකීම අද ඊයේආරම්භ වුවක් නොවේ. එය මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ ආරම්භය හා බැදී පවතී.

ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරා මුහුණ දුන් ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවට පසුගියදා ඔඅ රටක් වශයෙන් මුහුණ දුන්නේය.එම තත්වයට වගකිව යුත්තේ කවුරුන්ද කියා නිශ්චිත ලෙස හදුනා ගැනීමට නොහැකි ලෙස එම අර්බුදය රටේ සියලු සත්වයන්ගේ රුධිර නාල වල මෙන්ම ගහකොළ ඇතුළු සමස්ත මහපොළවත් අහසත් ඛේදවාචයක් වූ එම අර්බුදයෙන් බැට කෑවෝය.මේ පැමිණ තිබෙන්නේ අපේ රටේ ඊලග පාලකයා තෝරන ජනාධිපතිවරණ ඡන්දයයි. එහි වේදිකා තුල ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මේ ආර්ථික අර්බුදයයි.කවුරුන් කොතැනදී ඇති කලා ද කියා කිසිවෙකු හරි හැටි හදුනා නොගත් මේ අර්බුදයයි.

දඩයම වැරදුන දඩයක්කරුව ගෙදර තිබෙන මුව හැමට තඩි බාන්නා සේ දශක ගණනක් පුර අපේ රටේ දේශපාලන වේදිකාවෙන් පටන් ගෙන රාජ්‍ය පාලනයේදී පවා සිදු වෙමින් තිබෙනේ මුව හැමට තඩි බැමය. එය මේ රටේ මිනිසුන්ට දැන් අරහන් වී තිබේ.යම් අර්බුද මවා පාමින් නැති කටුක සිදුවීම මේ මහපලොවේ පල කරමින් පාලන බලය ලබා ගැනීම සදහා දේශපාලන පක්ෂ හා ඒ මත ගොඩනැගුනු නායකයින් හැසිරීම අහම්බයක නොවේ එය සමස්ත ආසියානු කලාපයම වෙලාගත් අවාසනාවන්ත තත්වයක් බවට පර්වර්තනය වෙමින් තිබේ.ශ්‍රී ලංකාව මහුණ දෙමින් සිටින්නේද එම අවාසනාවන්ත තත්වයට බව අපගේ හැගීමය.

අපේ රටේ දේශපාලනයේ සැබෑ කොන් තිබෙන්නේ විදේශ රටවල බව නොරහසකි.එම කොන් කුමන අරමුණු වලින් ක්‍රියාත්මක වන්නේදැයි කියා කියා මේ රටේ ජනතා ඒ තරම් උනන්දු නොවුණද පාලන බලයේ සිටි පිරිස් එබැව හොදින් දන්නා බව අපගේ විශ්වාසයයි.අපේ ජනතාව ඉදිරියේ කටේ තොලේ නොවී බොරු කීම දක්ෂ දේශපාලකයා මේ කලාපිය රහස ජනතාවගෙන් වසන් කරන්නේ එක්කෝ බයටය. එසේත් නොමැති නම් නොදන්නා කමටය.නැති නම නියත වශයෙන්ම සියල්ල දැනගෙන ජනතාව මුල කර කිසියම් පරස්ජවයක් පිනවීම සදහාය.එම පාර්ශවය යනු ජනතාව ගොනාට අන්දවන අපේක්ෂකයින් වෙනුවෙන් ඇත දිග හැර වියදම් කරන කලාපිය සුපිරි ධනවත් ආර්ථික බුවල්ලන් විය හැකිය.ඔවුන්ගේ අඩු කලාපයේ සියලු රටවල රාජ්‍ය පාලනයන් අභිබවා පැතිර ගොස් තිබෙන බවක් පෙනේ.මෙවර අපේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් අතුරින් කවරෙකු හෝ එම පාර්ශවය නියෝජනය කරනවාදැයි සොයා ගැනීම බුද්ධිමත් ජනතවට භාර කටයුත්තකි.

අචාර්ය එම් එම් සෆාන්
විධායක අධ්‍යෂක
මානව හිමිකම්
සුරකිමේ සංවිධානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *