2024 සැප්තැම්බර් 11,
asianewsplusone.com sfmnewslk.com
එළඹෙන 15 වනදා පැවැත්වීමට නියමිත මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව පවත්වන උපකාරක පන්ති අද දිනයේ සිට එනම් සැප්තැම්බර් 11 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාර පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු විභාග කටයුතු අවසන් වනතෙක් නැවත පැවැත්වීම නීති විරෝධී බවයි.
කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීමද සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.
එමෙන්ම යම් අයෙක්, ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් විසින් ඉහත නියෝග නොසලකා කටයුතු කරන්නේ නම්,
පුද්ගලයෙකු එවැනි කටයුත්තක යෙදෙන්නේනම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද ඔහු සඳහන් කළේය.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
