03 September 2024
ස්වාධීන ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම පිණිස පන්විල ප්‍රදේශයේ හෝටලක පැවැත් වූ ජනහමුවක දී පැමිණි පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබෙන බවට ලද පැමිණිල්ලකට අනුව අදාළ ස්ථානයට ගිය මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පිළියෙල කර තිබූ ආහාර තොගයක් පන්විල පොලිසියට භාර දී තිබේ.
මෙම රැස්වීම
වැටලීම සිදු කරන අවස්ථාවේ හෝටලයේ 150 ක පමණ පිරිසක් රැස්ව සිට ඇති අතර ඔවුන් වෙනුවෙන් පිළියෙල කර තිබූ සියලු ආහාර මැතිවරණ නිලධාරීන් ගේ භාරයට ගැනීමෙන් පසු ඔවුන් ඒවා පොලිසියට භාර දී තිබේ.
ජනපතිවරණ ප්‍රචාරණ රැස්වීම් වල දී පැමිණෙන පිරිස්වලට ආහාර හා මත්පැන් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් බැවින් මෙවැනි දේ සම්බන්ධව තොරතුරු වාර්තා වුවහොත් මැතිවරණ කාර්යාලය දැනුවත් කරන ලෙස මහනුවර මැතිවරණ කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

