නිල ඡන්ද පත්‍රිකා බෙදීම හෙට සිට


02 September 2024

asianewsplusone.com sfmnewslk.com

ඡනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිවයිනේ නිවාස ලක්ෂ 64 කට බෙදාහැරීමේ කටයුතු හෙට (03 වැනිදා) සිට කඩිනමින් සිදු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි

මේ සඳහා තැපැල්කරුවන් 8,000 ක් යෙදවීමට නියමිතය.

මෙලෙස බෙදාහරින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තේරීම් භාර නිලධාරීන්ගෙන් අද (02 වැනිදා) භාර ගන්නා බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කීවේය.

තැපැල් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගන්නා බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවැසුවේය. එලෙස භාරගත් වහාම එම පත්‍රිකා ගමනාන්ත කාර්යාලවලට තැපැල් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවෙන් දෙන වාහනවලින් කඩිනමින් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන ඉරිදා (08 වැනිදා) පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා බෙදාහරින බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවැසුවේය. ලබන මස 14 වැනිදා තෙක් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදු කෙරේ.

මෙලෙස බෙදාහරින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් යම් ප්‍රමාණයක් ඉතිරි වන බවද ඔහු පැවැසීය. ඉකුත් 2020 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව බෙදා හරින ලද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් සියයට 1.3 ක් ඉතිරීවී ඇත. බෙදාහරින ලද පත්‍රිකා සංඛ්‍යාව සියයට 98.7 කි.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ඉකුත් සිකුරාදා (30 වැනිදා) අවසන් කළ බවද ඔහු පැවැසීය.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මෙමස 04, 05 සහ 06 යන දිනවලදී සිදු කිරීමට නියමිතය.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *