බලය අරන් manifesto එකට පිටින් වැඩ කළොත් දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් නඩු දානවා:මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ එම්.එම්.ෂෆාන්!

August 31, 2024 – by kandyprime

FacebookTwitterEmailWhatsAppMessageShare
ශ්‍රීලංකාවේ ජනතාවට වින කරන “බොරු දේශපාලන ක්‍රමයට” තිත තැබිය යුතුයි !

සරත් සමරනායක

මෙරට දේශපාලන ඉතිහාසයේ තීර්ණාත්මක ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය බැවින් ඉන් ජයගෙන රටේ නායකත්වය භාර ගන්නා කවර දේශපාලන නායකයෙකු හෝ රටේ ජනතාව හමුවේ ඉදිරිපත් කළ ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය ජයග්‍රහණය කිරීමෙන් පසුව ක්‍රියාත්මක නොකරන්නේ නම් ඊට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් නඩු පැවැරීමට කටයුතු කරන බව මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා එසියා නිව්ස් ප්ලස් වන් කර්තෘ එම්.එම්.ෂෆාන් මහතා පවසයි .

ශ්‍රීලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය පුරා ඒ ඒ අවස්ථා වල ජනතාවට විවිධ පොරොන්දු ලබාදී බලය ලබා ගත් ජනාධිපති වරුන් හා වරියන් පසුව ජනමතය නොසලකා හරිමින් වෙනත් න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් වී ඇති බවද එම අවාසනාවන්ත වන්ත තත්ත්වය වෙනස් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ෂෆාන් මහතා පවසයි .

“රටේ ජනතාවට ආර්ථික වශයෙන් සමාජ සාධාරණයෙන් සතුටින් සාමයෙන් ජීවන් වීමට හැකි වාතාවරණයක් උදාකරන බව ජනාධිපති වරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් ජනතාව ඉදිරියේ සපත කර පවසනවා.ජනතාව අමන්දානන්දයට පත් කරන මේ පොරොන්දු හේතුවෙන් වැඩිම හා හොදම පොරොන්දු ලබාදෙන නායකයා බලයට පත් වීම ශ්‍රීලංකාවේ දේශපාලනය දෙස හැරී බැලීමේදී සාමාන්‍ය දෙයක් .ජේ.ආර්.ජයවර්ධනගෙන් ආරම්භ කෙරුණු මේ ක්‍රමය ගෝඨාභය රාජපක්ෂ දක්වා වෙනස් නොවී ඉදිරියට ඇවිත් තිබෙනවා.ජනතාවට එක් දෙයක් පවසා බලය ලබා ගෙන බලය පවත්වා ගෙන යාම සඳහා ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන ක්‍රියාකාරී පිරිස් සමීප කර ගැනීම,එවැනි නිළධාරීන්ට විශාල වගකීම් පැවැරීම,රටේ ආරක්ෂාව පිළිබඳව වගකීමක් නොමැතිව කටයුතු කිරීම හේතුවෙන් ජනතාවගේ ජීවිත අනතුරට පත් කිරීම මෑත අතීතයේ සිදු වූ එවැනි අවාසනාවන්ත තත්ත්වයන් බවද ශ්‍රීලංකාවේ ආර්ථික විනාශයට මෙන්ම ජනතාවගේ අසහනයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාලකයින්ගේ එවැනි ක්‍රියාකලාපයි.මින් ඉදිරියට රටේ ජනතාව පාලකයින්ට එසේ කිරීමට ඉඩ නොදෙන ලෙස එක හඩින් ඉල්ලා සිටිනවා.ඒ නිසා තමයි අපි මේ තීරණය ගනු ලැබුවේ.යැයිද ෂෆාන් මහතා වැඩිදුරටත් පැවැසීය .

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *