ඉතා ඉහළ අගයකින් වැටුප් වැඩි කිරීමක් ගැන සුබ ආරංචියක් – රාජ්‍ය සේවයේ මුලින්ම වැඩි වන පිරිස මෙන්න

ඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රැවටිය නොහැකි බවත් ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය‍ සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත්, ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/-ක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්, අමාත්‍යවරයා මේ බව පැවසුවා.

රජය සකස් කර ඇති අය-වැය සැලසුම් අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ක්‍රමවේද හරහා මෙම වැටුප් වැඩිවීම ක්‍රියාවට නැංවීමේ දී ගුරුවරුන්ගේ වැටුප් ඉතා ඉහළ අගයකින් වැඩි වන බවයි, මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

එසේම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ, මෙම වැටුප් වැඩිවීම සිදු කරන බව රජය පවසන්නේ සහේතුකව බවයි.

බදු වැඩි නොකර ණය ලබා නොගෙන, මුදල් ද අච්චු නොගසා වැටුප් වැඩි වීමක් සඳහා මුදල් ප්‍රතිපාදන සපයා ගන්නා ක්‍රමවේදය පිළිබඳ විශාල ලෙස පඩි වැඩි කරන බවට දේශපාලන වේදිකා‍වල ප්‍රකාශ නිකුත් කරන අය පැහැදිලි කළ යුතු ව ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් කියා සිටියේ, රජය විසින් බංකොලොත්භාවයේ සිට වසර දෙකක් පමණ ක්‍රමානුකූල ව ගොඩනගාගෙන පැමිණෙන රටේ ආර්ථිකය ඉදිරියටත් වර්ධනය කිරීමේ හැකියාව හා පඩි වැඩි කිරීමේ සැබෑ හැකියාව වත්මන් රජය සතු ව පවතින බවයි.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *