පොලිස් නිළධාරියෙකුගෙන් උතුමි ක්‍රියාවක්!


asianewsplusone.com sfmnewslk.com

ප්‍රදේශවාසීන් ,හිතවතුන් ගේ සහායෙන්…..

දොළොස්බාගේ කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අංග සම්පූර්ණ උත්සව ශාලාවක් ලෙස නවීකරණය කරයි!

පොලීසියටත් පොලිස් නිළධාරීන්ටත් බොහෝ අවස්ථා වල සමාජයෙන් එල්ල වන්නේ යහපත් ප්‍රතිචාරයක් නම් නොවේ. පොලීසිය මහජනතාවට වඩාත් සමීප රාජ්‍ය ආයතනයක් වුවත් ජනතාව පොලීසිය දෙස හැම විටම බලන්නේ සැකයෙනි.එසේ පොලීසිය මහජනතාවගෙන් දුරස් වී ඇති පසුබිමක ජනතාව සමඟ එකතු වී සමාජයට උතුම් සද් කාර්‍යයක් ඉටු කළ ජන හිතකාමී පොලිස් නිළධාරියෙකු පිළිබඳව කතා පුවතක් ගම්පොළ පොලිස් කොට්ඨාශයෙන් වාර්තා වේ.

ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් විජේසිංහය.ගම්පොළ කුරුඳුවත්ත පොලීසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති වරයා වන්නේ ඔහුය.කුරුඳුවත්ත පොලීස් වසම යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සම්පත් බෙදී යාමේදී ලිස්ට් එකේ අන්තිම හරියට වැටෙන ජනතාවක් ජීවන් වන ප්‍රදේශයකි. පොලිස් දෙපාර්තමේන්තුව විසින් පාසල් සිසුන් මත් උවදුරෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක පවුර වැඩසටහනට සිය පොලිස් වසමේ පාසල් වෙත නිරන්තරයෙන් යන සරත් විජේසිංහ මහතා පසුගිය දිනෙක දොළොබාගේ කණිෂ්ඨ විද්‍යාලයට ගියේය .

එම අවස්ථාවේ එම පාසලේ සිසුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව පාසලේ විදුහල් පති වරයා විසින් කරණු ඉදිරිපත් කරමින් පාසලේ සිසුන්ට විශාල අඩුපාඩුවක්ව පවතින නිසි නඩත්තුවක් නොකිරීම හේතුවෙන් අභාවයට යමින් තිබූ උත්සව ශාලාව පිළිසකර කර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති වරයා මේ සද් කටයුත්තට අත ගැසුවේය.

පොලිස් නිළධාරියෙකු ලෙස ඔහු විසින් ගොඩනගා ගෙන තිබූ සියලු මහජන සම්බන්ධතා උපයෝගී කරගනිමින් ප්‍රදේශවාසී දානපතියන්ගේ හා තම හිත මිතුරන්ගේ උදව් උපකාර රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කර පාසල් සිසුන්ට සිය දක්ෂතා එළි දක්වන්නට හැකි අලංකාර උත්සව ශාලාවක් නිර්මාණය කළේය. මල්පල ගැන්වුණු එම සංවර්ධන කටයුත්ත සිසු අයිතියට පත් කරමින් 28 වන දිනයේ එම උත්සව ශාලාව විවෘත කිරීම සිදු කෙරුණේ පොලිස් ස්ථානාධිපති සරත් විජේසිංහ මහතාගේ මූලිකත්වයෙනි.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *