රනිල්ගෙන් සජිත්ට හා අනුරට අභියෝගයක් – August 26, 2024


asianewsplusone.com sfmnewslk.com
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වීඩියෝ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට අභියෝගයක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

එමඟින් සමස්ත ජාතියටම ඔවුන්ගේ ප්‍රසිද්ධ පොරොන්දු සහ ප්‍රකාශවල සත්‍යතාව තක්සේරු කිරීමට ඉඩ සැලසෙන බව පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

එසේ වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවත් බඩු මිල අඩුකරන බවට සහ බදු අඩුකරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් මඟින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

මේ සඳහා වෙනත් විකල්පයක් ඇත්නම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඔවුන් දෙදෙනාට එය ඉදිරිපත් කර මතය විමසන ලෙසයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *