වසරේ වැඩ කරන පැය ගණන අඩුවීම ආයෝජකයන්ට ශ්‍රීලංකාව එපා වීමට හේතුවක්:

මොන තරම් රට ආර්ථික වශයෙන් කඩා වැටුණද නිවාඩු වලින් කිසිම අඩුවක් ශ්‍රීලංකාවට නැහැ:
ලොව සෑම රටකම ජනතාව ඔවුනොවුන්ගේ ආගමික හා සංස්කෘතික උත්සව එක් දිනකින් සමරා අවසන් කර දෛනික කටයුතු වල නිරත වීම සාමාන්‍ය දෙයක් වුවද අපේ රටේ ඊට හාත්පසින්ම වෙනස් අයුරින් ජනතාව දීර්ඝ නිවාඩු ලබා ගනිමින් එම උත්සව සැමරීම රටේ ආර්ථික ගමනට විශාල බාධාවක් වි ඇත.
මෙසේ දින ගණනාවක් තිස්සේ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් රටේ සමස්ථ ආර්ථික ක්‍රියාවලිය අඩපණ වීමෙන් සිදු වන පාඩුව කොපමණද කියා ගණනය කර ජනතාව දැනුම්වත් කිරීමට රජයේ ආර්ථික උපදේශකයන් කටයුතු කළ යුතු බවද පෙන්වා දෙමි රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් වැඩ කරන මිනිස් පැය ගණන හැකි තාක් වැඩි කර ගත යුතු බවද ????
බොහෝ ආයෝජනයක් මෙරට ආයෝජකය කිරීමට මැලිකමක් දැක්වීමට ප්‍රධාන හේතුව අපගේ වාර්ෂික දින දර්ශන අනුව ඇති නිවාඩු දින ගණන අනෙකුත් රටවලට සාපේක්ෂව වැඩි වීම නිසා බවය ආයෝජකයන් දිරි ගැන්වීමට නම් නිවාඩු දින හැකි තාක් අඩුවන අයුරින් විධිමත් කම්කරු නීති පද්ධතියක් රට තුල හැදිය යුතු බවයි .
මේ වන විට අපේ රටේ පවතින කම්කරු නීති රීති දුර්වලතා හා නිවාඩු දින වැඩිකම හේතුවෙන් බොහෝ ආයෝජනයක් බංග්ලාදේශය මැලේසියාව වැනි රටවල් ඔවුන්ගේ ආයෝජන සදහා තෝරා ගන්නා බව වාර්තා වෙනවා.ඇඟලුම් හා කාර්මික ක්ෂේත්‍රයේ ආයෝජන රටට අහිමි වීම හේතුවෙන් අපේ දක්ෂ ශ්‍රම බලකාය වෙනත් රටවල් විසින් උදුරා ගනිමින් සිටිනවා .රටේ විරැකියාව උග්‍රවී අසහනය වැඩි වීමට මේ තත්ත්වය බලපානු ලබනවා .
“මෙරට සුදුසු රැකියා අවස්ථා නොමැති නිසා විදේශ ගත වන අපේ ශ්‍රමිකයන් ඉතා අඩු මිළට සූරාකෑමට එම රටවල ව්‍යවසායන් කටයුතු කරනු ලබන අතර ඊට ප්‍රධාන හේතුව විදේශ ගත වී රැකියා කිරීමට අකමැති පිරිස් වලට සුදුසු රැකියා වෙළද පොලක් රටේ නොමැති බව ඔවුන් දන්නා නිසයි.කුමන දුක් විඳගෙන හෝ ශ්‍රීලාංකික ශ්‍රමිකයන් එම රට වල වැඩ කරන බව ඔවුන් දන්නවා.ඉතා අඩු වැටුපකට අපේ ශ්‍රමිකයන්ගෙන් වැඩ ගනිමින් ඔවුන් හූරා කෑමට ලක් කරන්නේ ඒ නිසයි.
අපේ රටේ ජනතාව දීර්ඝකාලීනව මේ නිවාඩු රටාවට හුරු වී සිටිනවා.එය රටේ ඉදිරි ආර්ථික ගමනට බාධාවක් බව මේ වන විට ගණනය කර තිබෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පවා මේ බව රටට දැනුම් දී ඇති නිසා යළි රට ගොඩනැගීමේදී මේ කරුණු සැලකිල්ලට ගත යුතුයි .
මානව හිමිකම්
සුරැකිමේ සංවිධානයේ
ප්‍රධාන විධායක අධ්‍්‍යක්ෂ
m.m. සෆාන්
sfmnewslk.com
