නිරුවත් ඡායාරූපයකට මාතලේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියකගේ මුහුණ බද්ධ කර සංස්කරණය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැරි බවට සැකකෙරෙන එම පාසලේම සිසුන් දෙදෙනෙක් මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම පාසලේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මාතලේ හුලංගමුව හා වාරියපොළ ප්‍රදේශයන්හි පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකි.

අදාළ ගුරුවරියගේ මුහුණු කොටස නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සංස්කරණය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතට මුදාහැර ඇති බවට ගුරුවරිය විසින් මාතලේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් කන්ඩායමක් විසින් අදාළ සැකකාර පාසල් සිසුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන ඇත.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *