
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා රජය තරයේ ප්රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ඉදිරියේදි පවත්වන මැතිවර්නයෙදි ශක්තිමත්ව මුහුණ දීමට ජනාධිපතිවරයා ප්රමුඛ කණ්ඩායමට ශක්තිය තිබෙන බව ද සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
