අතරමැදි පන්තිවල සිසුන් ඇතුළත් කිරීම අත්හිටුවයි

August 8, 2024

ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව 2024 වර්ෂයට සිසුන් ඇතුළත් කිරීම අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඉකුත් ජූලි 26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දරුවන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාර්න් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මැතිවරණ සමයේ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙන බව වාර්තා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *