වතුකර ජනතාවට දෛනික වැටුප රුපියල් 1700 ක් ලබාදීමට පොරොන්දු නොවුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මාධ්‍ය ප්‍රධානින් සමඟ අද (07) පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා පැවසුවේ කම්කරු අමාත්‍යංශයේ මණ්ඩලයකින් වතු කම්කරුවන්ට ලබාදීමට එම මුදල වෙන් කල බවයි.
ඒ අවස්ථාවේදී සමහර සමාගම්, අධිකරණය හමුවේ නඩු පැවරීමක් සිදුකල බව පවසන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණයට ගිය වතු සමාගම් කම්කරු අමාත්‍යවරයා සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.
asianewsplusone.com sfmnewslk.com

