මධ්‍යම පළාතේ දුෂ්කර ප්‍රදේශ වල පාසල් වලට අලුතින් ගුරුවරුන් 145 ක්!

මධ්‍යම පළාත තුළ දුෂ්කර ප්‍රදේශවල පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස දීර්ඝ කාලයක් පාසල් වල ගුරු සහායකයින් ලෙස රාජකාරි ඉටු කළ සුදුසුකම් සපුරා ඇති 136 දෙනෙකු හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 09 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම හා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී (22) සිදුවිය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා පනස් හතර දෙනෙකු (54) , නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා හැත්තෑ අට දෙනෙකු (78) හා මාතලේ දිස්ත්‍රික්කය සඳහා හතර දෙනෙකු (04) පත්වීම් මෙදින පත්වීම් ලැබූ අතර, මධ්‍යම පළාත තුළ ගුරු සහයකින් ලෙස 1782දෙනෙකු බඳවාගෙන ඇති අතර මේ වන විට ඉන් සුදුසුකම් සපුරා ඇති 1509 දෙනෙකු ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *