රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක, හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඔහුව නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකියාව ලැබී තිබෙනවා.

ඒ පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති ඔහු සහභාගි වූ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී වන අතර, සුළු තුවාල පමණක් ලැබූ ඔහු මේ වන විට ප්‍රාදේශීය රෝහලක ප්‍රථිකාර ලබන බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී එම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන වෙඩික්කරු, ආරක්ෂක අංශයේ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *