මානව හිමිකම් සුරකිමේ සංවිධානයේ නියොජිතයන් පලස්තින තනාපති හමුවයි

මානව හිමිකම් සුරකීමේ සංවිධනය 2023 දෙසැම්බර් 01 දින ශ්‍රී ලංකා පලස්තීන තානාපතිතුමන් හමුවී වත්මන් පලස්තීන අර්බුදය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී පලස්තීන යුධ තත්වය මත දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවී ඇති තත්වය පිලිබඳ වැඩි අවධානය යොමු කරන ලදී. මෙම සාකච්ඡාව එහි විධායක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්. එම්. ෂෆාන් මැතිතුමාගේ මුලිකත්වයෙන් පැවැත්වූ අතර එම අවස්ථාවට එහි ජාතික හා අන්තර්ජාතික විධායක අධ්‍යක්ෂ දේවගැති දිමුතු දළුවත්ත මැතිතුමාද, මාධ්‍ය අධ්‍යක්ෂ ෂර්ලි අනිල් ද සිල්වා මැතිතුමන්ද සහභාගී විය. එහිදී මෙම තත්වය පිළිබඳව මාධ්‍ය ඔස්සේත්, ජාත්‍යන්තරවත් හඬ නැගීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම මානව හිමිකම් සුරැකීමේ සංවිධානය මගින් පලස්තීනයේ දරුවන්ට සහ ජනතාවට අවශ්‍ය ඖෂධ ලබාදීම සඳහා මුල්‍යමය දායකත්වයක්ද ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *