මැතිවර්ණ කොමසාරිස්තුමා වැඩ අරඹයි


2024 ජූලි 06,

asianewsplusone.com sfmnewslk.com

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නීති විරෝධීව ලබාදී ඇති පත්වීම් වහා අවලංගු කරන ලෙස සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.

මේ වනවිට පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේවන විට බලාත්මක වීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් එම තීරණය ගෙන ඇත.

මැතිවරණ පනත අනුව මැතිවරණ කාලසීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක් ,අපේක්ෂකයෙක් මෙන්ම කණ්ඩායමක් ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළයුතුව ඇතත් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට හිටපු පළාත් පාලන නියෝජිතයන් හා පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී ඇති අපේක්ෂකයන්ට පත්වීම් ප්‍රධානය කර ඇතිබවට මැතිවරණ නිරීක්ෂකයන් පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වෙමින් එසේ ලබා දී ඇති සියලු පත්වීම් වලංගු කරන ලෙසට පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *