ජනාධිපතිවරණය කල් දැමීමට මාළිගාවල කුමන්ත්‍රණ කරන බවට විපක්ෂ නායකගෙන් චෝදනා

July 4, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට සහ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ දේශපාලන ආධාරකරුවන්ට චෝදනා කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවට ජනාධිපතිවරයා, ඔහුගේ සහායකයන් සහ ආණ්ඩුව පසුගිය කාලයේ මතයක් ගොඩනගා ඇති බවයි.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියාසිටින්නේ, මෙය ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලය මෙය නොවන බවට ජනතාව විශ්වාස කරන දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇතුළු පිරිස අවස්ථා ගණනාවකදීම උත්සාහ කළ බවයි.

එවැනි තත්ත්වයක් යටතේ නීත්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව කඩිනමින් පැවැත්විය යුතු ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමට තවත් බොහෝ උත්සාහයන් ගන්නා බවද ඔහු පෙන්වාදෙයි.

මේ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ කුමන්ත්‍රණ බවට චෝදනා කරමින් ඔහු පවසන්නේ, සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලැබී ඇති නව ජනාධිපතිවරයකු තෝරාගැනීමේ අයිතිය අහෝසි කර, එය කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සටියේ ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා කිරීමේ ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් මඩකලපුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

asianewsplusone.com sfmnewslk.com

https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *