June 28, 2024
asianewsplusonecom
sfmnewslkcom
2028 වසරේදී ණය වාරික ගෙවීම ඇරඹෙන තුරු හැකිතාක් දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි !
රට වැටී තිබූ ආර්ථික තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් ජාත්‍යන්තරය හමුවේ ගෙන ඇති උත්සාහය අගේ කළ යුතු බවද එම උත්සාහය සාර්ථක කර ගනිමින් රටේ ජනතාවට එහි නියම ප්‍රතිඵල අත් කර දීමට නම් 2028 දී යළි ණය ගෙවීම් ආරම්භ වන තුරු රජය ඩොලර් නාස්ති කරන ව්‍යාපෘති වලට අත නොගසා හැකිතාක් ඩොලර් සංචිත ඉතිරි කර ගැනීමට පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුලින් රටට යහපත් ආර්ථික ප්‍රතිඵල උදා කර ගැනීමට නම් රජය අවංකව යළි යළි ණය ගැනීම් වලට යාම හැකිතාක් අවම කර ගනිමින් ඩොලර් සංචිත ඉහළ යන ව්‍යාපෘති වලට පමණක් මුල් තැනදී කටයුතු කළ යුතු බවද හැකි තාක්දුරට දේශීය ආර්ථිකය නංවාලීමට පියවර ගත යුතු බවද මහාචාර්ය වරයා පවසයි .
ප්‍රතිව්‍යුහගත කිරීමට එකග වී ඇති ණය පොලිය ඉහළ නැංවීමට ද්විපාර්ශවීය ණය හිමියන් කටයුතු නොකළහොත් අනාගතයේ මුදලේ මුහුර්ත වටිනාකම පහළ ගොස් එහි වාසියද රටට හිමි වන බවද මහාචාර්ය වරයා පෙන්වා දෙයි.
https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

