පියුමි හංසමාලිට නඩු දැමූ සංජය මහවත්ත අත්අඩංගුවට


2024 ජූනි 28

ත්‍රස්‌ත විමර්ශන කොට්ඨාසය විසින් ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (27) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් නිරූපිකාවක් වන පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ පැමිණිල්ල කරන ලද්දේ ද සංජය මහවත්ත විසින්.

කෙසේවෙතත් මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *