ලබන අයවැයෙන් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප ඉහලට


2024 ජූනි 27

ලබන අයවැයේන් අනිවාර්යෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ “ආරංචිය සුබයි” යන තේමාව මුල් කරගනිමින් බම්බලපිටිය ලෝරිස් පටු මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ජනතා විමුක්ති පෙරමුණ හා සජබ වෘත්තීය සමිතිවලට නායක්තවය ලබා දෙමින් රාජ්‍ය සේවකයින් උසි ගන්වලා විරෝධතා ව්‍යාපාර දියත් කරනවා. අපි පිළිගන්නවා රාජ්‍ය සේවකයන්ට වෘත්තිය අයිතිවාසිකම් තියෙනවා. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නෑ.රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි විය යුතුයි. ඒ පිළිබඳව කිසිම තර්කයක් නැහැ. ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම ඊළඟ අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න. ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ හොයා බලන්න කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක්ද පත් කළා. එම කමිටුවේ වාර්තාව ලැබුණු වහාම ලබන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම ලබාදෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *