දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? – පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්


2024 ජූනි 24

පාසල්වල සිටින අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

ඒ අනුව පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත එම දැනුම්දීම සිදුකර ඇති අතර එහි දැක්වෙන්නේ, පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවීම සඳහා පාසල් ප්‍රජාව සමග එක්ව, පාසල්වල කටයුතු කළමනාකරණය කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසයි.

එමෙන්ම දිවයින පුරා පිහිටි පාසල්, විද්‍යාපීඨ, අධ්‍යාපන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව සහ භෞතික සම්පත් ආරක්ෂාව සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඒ බව ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *