රට ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලබමින් සිටිය දී පවා අවස්ථාවාදී, බල ලෝභී සහ කිසිම වැඩ පිළිවෙළක් නොමැති විපක්ෂය සියල්ල විවේචනය

කරමින් බිල්ලන් මවා ජනතාව නොමඟ යවනව බවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්වරයා චෝදනා කර තිබේ.

විපක්ෂයේ මේ කුමන්ත්‍රණවලට ජනතාව යළි නොරැවටෙන බව හිටපු මුදල් ඇමැති රවී කරුණානයක ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

“නිවාසවලට බදු ගහන කතාවක් කියමින් ජනතාව නොමඟ යවා කුලප්පු කිරීමට විපක්ෂය අසර්ථක උත්සාහයක යෙදී සිටිනවා. රජය සෑම නිවසකටම බදු ගහන්න යනවා යැයි සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා කියනවා. මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි.”

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කරුණු නොදැන බොරු කියන බවත් බොරු කියා බිල්ලෝ මවා රට ගිනි තියමින් වැරදි සමාජ ගත නොකර ලෙසට එජාප ජාතික ලේකම්වරයා ඉල්ලා සිටියේය.

“මේ බදු හඳුන්වා දුන්නේ, බදු ගෙවීම පැහැර හරිමින් අති සුඛෝපභෝගී ජීවිත ගත කරන අයට අදාළවයි. සෑම නිවසකටම බදු ගහනවා කිව්වාම ජනතාවට ක්‍රෝධයක් ඇති වනවා. විපක්ෂයට අවශ්‍ය වන්නේ එසේ කර රටේ ගමන අඩපන කිරීමටයි. මේ ක්‍රියාව ජාතික අපරාධයක් බව කිව යුතුයි. ආර්ථිකය ගැන නිසි අවබෝධයකින් තොරව පටු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කියන මේ කතා නිසා ජනතාව නොමඟ යාමට ඉඩ තිබෙනවා.”

මෙවැනි ක්‍රියා මාර්ග හරහා රටේ ආර්ථික යළි කඩා නොවැටිමට කටයුතු කිරිම අරමුණ බව හිටපු මුදල් අමාත්‍ය එජාප ජාතික ලේකම් රවී කරුණානායක වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *