චමුදිතගේ නිවෙස අවට පිරිසක් කැරකිළා

June 23, 2024

සිය පවුල සමඟ පදිංචිව සිටින පිළියන්දල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවාස සංකීර්ණයට ඇතුළු වීමට උත්සාහ කළ සැකසහිත පුද්ගලයන් පිළිබඳව සොයාබලන ලෙස ප්‍රවින ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පොලිසියෙන් ඉල්ලා සිටී.

නාඳුනන පිරිසක් චමුදිත සමරවික්‍රමගේ නිවස ඉලක්ක කර ජනේල කිහිපයක් කුඩුකර නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර වසර දෙකකට පසුව මෙම සිදුවීම සිදුව තිබේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් අද දක්වා කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

චමුදිත සමරවික්‍රම තමාගේ සහ තම පවුලේ අයගේ ආරක්ෂාව ගැන හා තමාගේ නිවස අවට මෑතදී සිදු වූ සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිසියට බලකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *