මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බවට වාර්තාවනවා.
සෞදි රජය ප්‍රකාශ කළේ, දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ වන්දනාවේ දී සිදු වූ තෙරපීම් හේතුවෙන් ඔවුන් මිය ගොස් ඇති බවයි.
මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙකු ඊජිප්තු ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
මෙවර හජ් වන්දනාව සඳහා ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ 16ක් පමණ පැමිණ ඇති බවද සඳහන් වෙනවා

