සජිත් අතහැර ෆොන්සේකා රනිල් ළගට – 2024 ජූනි 22

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක් වීමට සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සදහන් කරයි.

මන්ත්‍රී සරත් ෆොන්සේකා හිටපු සැම පක්ෂයකම නායකයින් විවේචනය කරමින් කටයුතු කල අයෙකු බවත් ඔහු සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් විමට අපේක්ෂා කල බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජනාධිපති අපේක්ෂක ධූරය ඔහු වෙත ලබා නොදුන් නිසා සරත් ෆොන්සේකා විසින් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විවේචනය කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

හැටන්, වැලිඔය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්විමකට එක්වෙමින් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මේ බව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *