සුපිරි 8දෙනාගේ වටයේ පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට – ජූනි 20, 2024


T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ අමෙරිකාව පරාජය කරමින්.

සුපිරි 8 දෙනාගේ වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනු අමෙරිකානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 194ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 195ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අමෙරිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගත හැකිවුණේ ලකුණු 176ක් පමණයි.

ඒ සමග සුපිරි 8 දෙනාගේ වටයේ පළමු ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *