මිහින්තලේ සැකකටයුතු පුද්ගලයෝ – පොලිස්පතිගෙන් නියෝගයක් – June 13, 2024

පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නියම කර ඇත.

නොබෝ දිනකින් එළඹෙන පොසොන් උත්සවය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඇතැයි කියමින් මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා එලෙස නියම කර තිබේ.

පොසොන් උත්සවය ආසන්නයේ දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් මිහින්තලයට පැමිණ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි බව කියමින් සැකකරුවන් සහ සැකකාරියන් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගනිමින් මිහින්තලා විහාරාධිපති හිමියන් පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *