ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කිරීමට කිසිදු ඉඩක් නොමැති බැවින් ව්‍යවස්ථාවට අනුව නියමිත පරිදි

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මානව හිමිකම් ක්‍රියා කරු අචාර්ය එම්.එම්. සෆාන් පවසනවා

තවදුරටත් සෆාන් මහතා කියාසිටින්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වගන්ති දෙකක පවතින කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාට වසර 6 ක් බලයේ සිටීමට අවස්ථාවක් තිබේදැයි ,දැන් ඇතැම් පාර්ශ්ව තර්ක කරමින් සිටී අතර

වසර 6 ක් ලෙස පැවති ජනාධිපතිවරයාගේ ධුර කාලය 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයෙන් වසර 5 ක් ලෙස සීමා කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තියේ පැහැදිලිව සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කි.

මේ අතරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ ධුරකාලය පිළිබඳ සඳහන් කරඇති 32 වගන්තිය වෙනස් කොට ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

නමුත් ඇතැමුන් තර්ක කරවනුයේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6 ට වඩා වැඩි කරනවා නම් පමණක් තුනෙන් දෙක හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

එනම් දැනට වසර 5ක් වන ධුර කාලය වසර 6 ක් ලෙස වසරකින් වැඩි කිරීම ජනමත විචාරණයක් නොමැතිව සිදුකළ හැකිබව ඇතැමුන්ගේ තර්කය වී තිබේ.
තවද වර්තමාන ජානධිපති වරයා මහජන ජන්දයේන් තෙරිපත් වු ජානධිපති වරයේක් නොවන හෙහින් මෙතුමාට තව අවුරුද්දක් කාලක් දිර්ග කිරිම සදාරනද? ? ?

Sfm news
Asia news +1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *