ලංකාවේ පිරිමි දරුවන්ට මොකද වෙන්නේ?

කථිකාචාර්ය ලියනගේ අමරකීර්ති තමන්ගේ විශ්වවිද්‍යාල පන්තියේ ශිෂ්‍යාවන් 40 ක් සමඟ ඡායාරූපයක් පළ කර තිබෙනවා. ලංකාවේ සෑම උසස් අධ්‍යාපනයට යොමු වන බහුතරය කාන්තාවක් බවට පත්වී තිබෙනවා.

2010 වෙන කොට කැලණිය කලා පිඨයේ ශිෂ්‍යයන්ට වැඩිය ශිෂ්‍යාවන් ප්‍රමාණය ඉහළ ගිහින් තිබුණා. විශ්වවිද්‍යාලවල සිදුවන වෙනස්කම් ගැන රාවය පුවත්පතට දිගු ලිපි පෙළක් මම ලිව්වා. සමාජවිද්‍යාවට ‘කාන්තාවටත් උසස් අධ්‍යාපනය හා ආර්ථික අවස්ථාවන්’ සලසා දිය යුතුයැයි උගන්වන කොටත් ලංකාවේ විශ්වවිද්‍යාල කලා පිඨයන්ගේ බහුතරය ශිෂ්‍යාවන් බවට පත් වෙලා. දැන් ඉංජිනේරු හැර හැම තැනකට කාන්තාවන් වැඩියි. නැතිනම්, ගැහැණු පිරිමි හරි හරියට ඉන්නවා.

කොළඹ කළා පිඨයේ ගැහුණු 8 කට එක පිරිමියෙක් ඉන්න පන්ති තියෙනවා. ජයවර්ධනපුර කැලණිය දෙකේ ගැහැණු 6 කට එක පිරිමියයි කලා පිඨයේ ඉන්නේ.

ලංකාවේ පිරිමි දරුවන් උසස් අධ්‍යාපනයට යොමු නෙවන්නේ නම්, ඔවුන්ට රැකියාවක්, ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය අධ්‍යාපන හෝ වෘත්තීය අවස්ථා සකස් විය යුතුයි.

රජිත් කීර්ති තෙන්නකෝන්
2023 ජූනි 10

(අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දත්ත වගුව ශා දන්තනාරායන ගේ පිටුවෙන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *