ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (11) යාපනයේ සිදුකරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඇතුළු දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා කර ඇත.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ද හමුවූ අනුර කුමාර දිසානායක ඔහු සමගද සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක ඇතුළු පිරිසක් එක්විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *