ජනපතිට තවත් ලක්ෂ 8750 ක් වෙන් කිරීමට අනුමැතිය. -JUNE 10, 2024

රුපියල් ලක්ෂ 8750ක් ක පරිපූරක මුදලක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව ගෙවිය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

ලබන 18 වැනිදා මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

එම යෝජනාවේ සඳහන් පරිදි ජනාධිපතිවරයා වෙනුවෙන් මෙම වැය ශීර්ෂය මෙම වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ගන්නා ඕනෑම ණය මුදලකින් හෝ මෙම මුදල ගෙවිය යුතුයි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද මෙම යෝජනාව සඳහා ලැබී ඇතැයිද සඳහන්වේ.

වත්මන් අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *